රත්නපුර දිස්ත්‍රික්කයේ පරකඩුව නගරයට කි.මී. 1 ක් පමණ දුරින් දිගෝව පාර අසල රමණීය පරිසරයක පිහිටි ර/ පත්බේරිය නාරද මධ්‍ය මහා විද්‍යාලය පිළිබඳ අතීතාවර්ජනයක්......
ආරම්භයේ දී කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට ආසනයට අයත් ව පත්බේරිය වසමේ පරකඩුව සති පොළ ඉදිරිපිට ස්වභාෂා බාලක පාඨශාලාව සහ බාලිකා පාඨශාලාව වශයෙන් වෙන් වෙන් ව පැවති පාසල් දෙක 1959.09.01 දින එකිනෙක මිශ්‍ර කර එකක් ළදරු පාඨශාලාව වශයෙන් ද අනෙක ජ්‍යෙෂ්ඨ පාඨශාලාව වශයෙන් ද සකස් කර ජ්‍යෙෂ්ඨ පාඨශාලාව දැනට නාරද මධ්‍ය මහා විද්‍යාලය වර්තමානයේ පවතින ස්ථානයට ගෙන ආ බව සඳහන් වේ. එම පාඨශාලා දෙකේ ප්‍රධානාචාර්ය වශයෙන් පොළ අසල පිහිටි ළදරු පාඨශාලාවේ ප්‍රධානාචාර්ය P.A. ඇලිස්හාමිනේ මහත්මිය ද ජ්‍යෙෂ්ඨ පාඨශාලාවේ ප්‍රධානාචාර්ය W.A. පියදාස මහතා ද කටයුතු කළ හ.
මිශ්‍ර පාඨශාලාවක් බවට පත්වීම නිසා ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙම පාසල වෙනත් ස්ථානයකට ගෙන යායුතු බව ගුරු දෙගුරු සමිතිය ග්‍රාම සංවර්ධන සමිතිය ඇතුළු ස්වේච්ඡා සංවිධාන වලින් ඉල්ලීම් ඇති විය. මෙහි දී ගල්කන්ද වතුයායෙන් ඉඩම් අක්කර 4 ක් පවරා ගැනීමට පළාතේ මහජන නියෝජිත A.E.B. කිරිඇල්ල මැතිතුමාගේ කාලයේ දී හැකි වුවත් ගොඩනැගිලි තැනීම සඳහා මුදල් අනුමත වූයේ නැත. පසුව විදුහල්පති දේපල ගුරු දෙගුරු හා ග්‍රාම සංවර්ධන සමිතියේ නිලධාරීන් ඇතුළු නියෝජිත පිරිස් කුසුමා ගුණවර්ධන මන්ත්‍රිතුමිය සමඟ අධ්‍යාපන ඇමති W. දහනායක මැතිතුමා හමුවීමෙන් පසුව ප්‍රධාන ගොඩනැගිල්ල සහිත ව ගුරු නිවාසයක් ලබා ගත හැකි විය. ඉන් පසුව තවත් ශාලා දෙකක් ද ලැබුණු අතර 1957 දී ගොඩනැගිලි ඉදිකිරීම ආරම්භ කරන ලදී. මෙම කාලයේ දී W.M. පියදාස මහතා විදුහල්පති වශයෙන් කටයුතු කළ අතර 1959 මැද භාගයේ දී අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් අවසරය ලබා පැරණි පාසලේ දැව භාණ්ඩ ගෙන්වා ගෙන විදුහල්පති පියදාස මහතා විසින් උත්සවයකින් තොරව 1959.09.01 දින ඉගැන්වීම් කටයුතු ආරම්භ කර ඇත.
ඉන්පසුව 1960 දී පාසල් දෙකේ ගුරු මණ්ඩලය නීත්‍යානුකුල ව බෙදා වෙන්කර ඇති අතර එවකට දෙහිඕවිට ප්‍රදේශයේ මහජන නියෝජිත සෝමා වික්‍රමනායක මැතිණිය අතින් විවෘත කළ බව ද සඳහන් වේ.
ළදරු පාඨශාලාවේ බාලාංශය හා දෙවන ශ්‍රේණිය ද ජ්‍යෙෂ්ඨ පාඨශාලාවේ තුන්වන ශ්‍රේණියේ සිට ජ්‍යෙෂ්ඨය දක්වා ද පන්ති පැවැත්විණ. පත්බේරිය ජ්‍යෙෂ්ඨ පාඨශාලාවේ ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව 534 ක් වූ බව ලේඛන වල සඳහන් වේ. සිසුන් 267 ක් හා ශිෂ්‍යාවන් 267 ක් විය. ආරම්භක අවධියේ පාසලේ පෝෂක ප්‍රදේශ වශයෙන් මාහර, අස්ගඟුල, එල්ලාවල, මුදුන්කොටුව, තෙප්පනාව, පොහොරබාව, බෝධිමළුව, පුස්සැල්ල, කඳන්ගොඩ, ඉඹුල්පිටිය, දික්දෙනිය, අම්බලම්පිටිය යන ප්‍රදේශ පවතී බව පෙනේ. ආචාර්ය මණ්ඩලයට ගුරු මහත්ම මහත්මීන් 28 දෙනෙකුගෙන් සමන්විත වූ බව සඳහන් ය.
කෑ/පත්බේරිය ජ්‍යෙෂ්ඨ පාසලේ ආචාර්ය මණ්ඩලය.
- M. පියදාස මහතා (විදුහල්පති)
- රණවක මහතා.
- M.A. නන්දාවතී මිය.
- J.M. අප්පුහාමි මහතා.
- P.B. දෙමටපිටිය මහතා.
- M. ගුණදාස සිලවා මහතා.
- ලොකුමැණිකේ මිය.
- E.P. ද අල්විස් මිය.
- A. සෝමලතා මිය.
- L. සීලවතී මිය.
- හේරත් මහතා.
- සූරියආරච්චි මහතා.
- චන්ද්‍රසේන මහතා.
- M.S. කාරියප්පෙරුම මහතා.
- D. ධර්මපාල මහතා.
- A. ජිනදාස මහතා.
- M. ගුණරත්න මහතා.
- L. ද සිල්වා මිය.
- G.A. මැයිනෝනා මිය.
- A.V. ලොවිදවතී මිය.
- දිසානායක මිය.
- M. පුංචිමැණිකේ මිය.
- A. ප්‍රේමවතී මිය.
- G. පද්මලතා මිය.
- අබේගුණසේකර මිය.
- F. සුරවීර මිය.
- G. බෙලින්නෝනා මිය.
- G. පොඩිමැණිකේ මිය.
1960 – 1966 අතර කාලයේ විදුහල්පති ව සිටි W.M. ගුණවර්ධන මහතා අක්කරයක් පමණ විශාල විදුහල් ක්‍රීඩා පිටිය සකස් කිරීම ආරම්භ කරන ලදී. 1962 වර්ෂයේ මෙම විදුහලට තාක්ෂණ ශාලාවක් ලැබී ඇති අතර පාසලේ ඉඩකඩ මදිවීම නිසා ගුරු දෙගුරු සමිතියෙන් නව ගොඩනැගිල්ලක් තැනීම ආරම්භ විය. ගොඩනැගිලි තැනීම සඳහා දෙහිඕවිට ආසනයේ ජනතා නියෝජිත සෝමා වික්‍රමනායක මැතිනිය විසින් ප්‍රතිපාදන ලබා දුන් බව සඳහන් වේ.
ආරම්භක අවධියේ සිට ම අ.පො.ස. (සා.පෙළ) විභාගය සඳහා විද්‍යා,වාණිජ සහ කලා පංති ද අ.පො.ස. (උ. පෙළ) කලා පංති ද ආරම්භ කර ඇත. මෙම කාලයේ D.N.A. රණසිංහ, M.G. ගුණවර්ධන හා D.A.G. දිසානායක යන මහත්වරු විදුහල්පති ලෙස කටයුතු කර තිබේ. 1971 දී පාසලට විද්‍යාගාරයක් ලැබී ඇති අතර ගුරු දෙගුරු සමිතියේ අනුග්‍රහයෙන් විදුහල්පති සිරිපාල විජේතිලක මහතාගේ මෙහෙයවීම යටතේ ගෘහ විද්‍යාගාරයක් ද සකස් කරන ලදී.
1973 දී ගුරු දෙගුරු සමිතියේ හා රජයේ අනුග්‍රහයෙන් කනිෂ්ඨ අංශය සඳහා ගොඩනැගිල්ලක් ඉදිවිය. K.L. කටුලන්ද මහතා, M.L. ධර්මසේන මහතා, R.S. ගමගේ මහතා එකල විදුහල්පතිවරු වශයෙන් කටයුතු කර ඇත.
1979 වර්ෂයේ දී ඇහැලියගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් කුලරත්න මැතිතුමා කනිෂ්ඨ අංශයේ ගොඩනැගිල්ලේ වහලය සම්පූර්ණයෙන් ම අලුත්වැඩියා කර උළු සෙවිලි කර සකස් කරන ලදී. මෙම කාලයේ දී K.N.A. ජයතිලක, M.W.K. සමරවීර යන මහත්වරුන් විදුහල්පතිවරුන් වශයෙන් සේවය කර ඇත. එම කාලය තුළ දෙමහල් ගොඩනැගිල්ලක් ලබා ගැනීමටත්, බුදු මැදුරක් තැනීමටත්, විදුලි බලය ලබා ගැනීමටත්, අබලන් වූ ගොඩනැගිලි අලුත්වැඩියාව සඳහා මහපොළක් ලබා ගැනීමටත් මූලික පියවර ගෙන තිබිණ. 1983 දී ඇහැලියගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙනාඩ් කිරිඇල්ල මැතිතුමා විසින් විදුලි බලය සැපයීම, රූපවාහිනියක් ලබා දීම, පාසල් යකඩ පුටු ලබා දීම සිදු කර ඇත. මෙම කාල වකවානුවේ දී R. ධනරත්න මහතා විදුහල්පති වශයෙන් කටයුතු කළ අතර පාසලේ විනය හා ආරක්ෂක කටයුතු පිළිබඳවත් පාසලේ අඩුපාඩු පිළිබඳවත් කඩිනම් පියවර ගැනීම සඳහා උපක්‍රමශිලීව කටයුතු කර ඇත.
එසේම ජනාධිපති කලා භූෂණ සම්මානලාභී කලාකරුවන්, ජ්‍යාත්‍යන්තර මට්ටමේ මැරතන් ධාවන ශුර V.K.L. සමරසිංහ වැනි ක්‍රීඩකයින් පහසුකම් අඩු අවධියේ දී මෙම විදුහලෙන් බිහි ව ඇත. 1986 මැයි මාස 15 සිට 22 දක්වා මහපොළ ප්‍රදර්ශනය මෙම විද්‍යාලයේ පවත්වා ඇත.
මහපොළ ප්‍රදර්ශනය පැවැත්වීම නිසා විද්‍යාලයේ ගොඩනැගිලි නවීකරණය, ආරක්ෂක පවුර ඉදිකිරිම, වැසිකිලි හා කැසිකිලි තැනීම, විදුලි බලය හා දුරකථන පහසුකම් ලැබීම සිදුවිය. එමෙන්ම පරකඩුවේ සිට පාසල දක්වා මාර්ගය පුළුල් කර අලුත්වැඩියා කර ඇත.
1988 වර්ෂයේ දී කාර්යාලය සහිත නව දෙමහල් ශාලාව ඇහැලියගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රතිපත්ති සම්පාදන හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ ගරු අමාත්‍ය ආචාර්ය විමල් වික්‍රමසිංහ මැතිතුමා අතින් විවෘත කරන ලදී. එතුමාගේ නිර්දේශය පරිදි 1988 පෙබරවාරි 23 දින මෙම විද්‍යාලය පර්ෂද මූලස්ථානයක් බවට ද 1988 මාර්තු 01 දින මධ්‍ය මහා විද්‍යාලයක් බවට ද උසස් කරන ලදී.
1989 දී ධර්මදාස කරඳන මහතා පාසලේ විදුහල්පති වශයෙන් වැඩ භාරගෙන ඇති අතර එම කාලය තුළ දී පාසලේ අධ්‍යාපනික හා ක්‍රීඩා ක්ෂේත්‍රයේ පිබිදීමක් ඇති විය. සමස්ත ලංකා ශාරීරික අභ්‍යාස කණ්ඩායම් බලක/ බාලිකා ජයග්‍රහණ රැසක් වර්ෂ ගණනාවක් තුළ ලබාගැනීමට සෝමපාල අතුරුලිය මහතාගේ පුහුණු කිරීම් මත හා විදුහල්පතිතුමාගේ මෙහෙයවීම මත හැකිවිය. මෙම වකවානුවේ භෞතික සම්පත් වර්ධනයක් සිදු වූ අතර ගරු අමාත්‍ය ආචාර්ය විමල් වික්‍රමසිංහ මැතිතුමා විසින් පුස්තකාලය සහිත තවත් දෙමහල් ගොඩනැගිල්ලක් 1991 දී පාසලට ලබා දෙනු ලැබිය. මෙම කාලය තුළ විද්‍යාලයේ බුදු මදුර තැනවීම, ශබ්ද විකාශන යන්ත්‍රයක් මිල දී ගැනීම,පුස්තකාලයක් සකස් කිරීම, ආපන ශාලාව හා පාසල් සමූපකාර සමිතිය පිහිටුවා ලිපිද්‍රව්‍ය අලෙවිහලක් පවත්වා ගෙනයාම සිදු විය. මෙම කාලයේ දී පාසල් සිසුන්ගේ හැකියාවන් ඉදිරිපත් වූ අධ්‍යාපන ප්‍රදර්ශනයක් ද පවත්වා ඇත.
1996 දී S. කාරියවසම් මහතා විදුහල්පති වශයෙන් වැඩ භාරගත් අතර එම කාලයේ දී පාසලේ පානීය ජල ප්‍රශ්නයට පිළියමක් වශයෙන් ප්‍රජා ජල ව්‍යාපෘතියක් බැවිල ප්‍රදේශයේ සිට පාසලට නල මාර්ගයෙන් ජලය ලබා දී ඇත. ඒ සඳහා රුපියල් 657000 ක් පාසලට වෙන්වී තිබුණි. වැසිකිලි/ කැසිකිලි සඳහා රු. 137000 ක මුදලක් ද සනීපාරක්ෂක කටයුතු සඳහා වෙන් වි ඇත. D.S.D. ව්‍යාපෘතිය යටතේ මෙම පාසල ප්‍රදේශයේ දියුණු කළ යුතු පාසලක් ලෙස නම් කර තිබූ අතර එම ව්‍යාපෘතිය මඟින් පාසලට අතිවිශාල ඉගෙනුම් උපකරණ ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි විය. D.S.D. පාසල විවෘත කිරීමේ සමාරම්භක උත්සවය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී W.D.J. සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. විද්‍යාගාරය, සංගීත ශාලාව හා අනෙක් ශාලා අලුත්වැඩියාව, 1 – 5 ශ්‍රේණි අලුත්වැඩියාව දැල් ආවරණ යෙදීම හා විදුලි උපකරණ සවිකිරීම මේ යටතේ සිදු විය.
1997 වර්ෂයේ සිසු කුසලතා එළිදැක්වූ ප්‍රදර්ශනයක් පවත්වා ඇති අතර එම වර්ෂයේ චිත්‍ර හා සංගීත අංශයෙන් විශිෂ්ට ජයග්‍රහණ කිහිපයක් ම විද්‍යාලීය දරු දැරියන් විසින් දිනා ගෙන තිබේ. චිත්‍ර කලා උපදේශක B.R. සේනාරත්න මහතාට සහ M.K. චන්ද්‍රකාන්ති මහත්මියට ද ආචාර්ය M.R.P. චන්ද්‍රතිලක මහතාට සහ මාලනී පද්මලතා මහත්මියට ද එහි ගෞරවය හිමි විය යුතු ය. ජපානයේ නිපොන් චිත්‍ර තරගයෙන් රන් පදක්කම් 01 ක් රිදී පදක්කම් 01 ක් සහ ලෝකඩ පදක්කම් 03 ක් දිනා නාරද විදුහල් මාතාවට කීර්තියක් ගෙන දීමට විද්‍යාලයේ චිත්‍ර අංශයේ දරු දැරියෝ සමත් වුහ.
1998 අගභාගයේ දී බෝධිමලුවේ විජිත හිමියන් විදුහල්පති වශයෙන් වැඩ භාරගත් අතර එම කාලය තුළ දී දරු දැරියන්ගේ විනය හා සාරධර්ම සංවර්ධනය සඳහා මාපිය ගුණ සම්භාවනා වැනි වැඩසටහන් පවත්වා ඇත. ඒ සමඟ ම 1999 වර්ෂයේ දී පාසලේ අලුතින් ඉදිකරන ලද ආපන ශාලාව විවෘත කිරීමත්, පත්බේරිය ස.ණ.ස. සංගමයට අදාළ ලිපිද්‍රවය අලෙවිහලක් පාසල තුළ ස්ථාපනය කිරීමත් සිදුවිය. මෙම කාලය තුළ පාසලේ නියෝජ්‍ය විදුහල්පති ව කටයුතු කළ J.M.M. රණතුංග මහතා ද පාසල වෙනුවෙන් අමිල මෙහෙයක් ඉටු කරන ලදී. චිත්‍ර තරගවලින් ජයගත් ආදි සිසුන් සම්බන්ධ කර ගනිමින් විද්‍යාලයේ ගොඩනැගිලි වල හා කාර්යාලය ඉදිරිපස බිත්තියේ චිත්‍ර ඇඳ විද්‍යාලය අලංකාර කිරීමට ගත් උත්සාහය අගය කළ යුතු ය. එමෙන් ම 2000 වර්ෂයේ දී විද්‍යාලයේ පරිසර නියමු භට කණ්ඩායමක් පිහිටුවා දිසා වන කාර්යාලය හා සම්බන්ධව වන වගා ව්‍යාපෘතියක් ද ආරම්භ කළ අතර එහි කණ්ඩායම් භාර ගුරුවරයා වශයෙන් U.P. ආනන්ද කුමාර මහතා කතයුතු කළේ ය. පරිගණක කාමරයක් සකස් කිරීම, ශ්‍රව්‍ය දෘශ්‍ය ඒකකය සහ පුස්තකාලය ද මෙම කාලය තුළ සකස් කරන ලදී.
2002 වර්ෂයේ දී විදුහල්පති වශයෙන් වැඩ භාර ගත් H.S.G. පීරිස් මහතා විද්‍යාලයේ භෞතික සම්පත් හා මානව සම්පත් සංවර්ධනයටත් සිසුන්ගේ විනය උසස් මට්ටමක පවත්වාගෙන යාමටත් කටයුතු කළේ ය. ක්‍රීඩා උපදේශක J.A.S.A. ජයසූරිය මහතාගේ කැපවීම මත විද්‍යාලීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් වොලිබෝල් ක්‍රීඩා තරග තුළින් කලාප, පළාත්, සමස්ත ලංකා ජයග්‍රහණ දිනා ගෙන ඇත. අමරපාල යහලේගම මහතා විසින් පුහුණු කරගෙන යනු ලබූ විද්‍යාලීය කරාතේ කණ්ඩායම 2006 වසරේ සිට ජයග්‍රහණ රාශියක් විදුහලට ලබා දී තිබේ.
එමෙන් ම නර්තන අංශයේ සිසු සිසුවියන් ද K.D. පද්මලතා මහත්මියගේ මග පෙන්වීම යටතේ කලාප, පළාත් සහ සමස්ත ලංකා ජයග්‍රහණ අත්පත් කොටගෙන ඇත. සංගීත අංශයේ M.P. චන්ද්‍රපාල මහතාගේ සහ B.L.M. පද්මලතා මහත්මියගේ කැපවීම හේතුවෙන් හා සනත් පීරිස් මහතාගේ නොමද සහායෙන් සංගීත අංශයේ විවිධ ජයග්‍රහණ අත් කරගෙන ඇත. 2007 හා 2009 වර්ෂ වල පවතී භක්ති ගීත සංදර්ශනවලට පාසලට උසස් ගෞරවයක් වි ඇත. එම භක්ති ගීත සංදර්ශනවල ආදායමෙන් විද්‍යාලයීය ප්‍රධාන පිවිසුම අසල ආරක්ෂක පවුර කපරාරු කර අලංකාර කොට ඇත.
|
ආරම්භ කළ වර්ෂය |
1959 සැප්තැම්බර් 01 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
28 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
534 |
|
මුල් ගුරුතුමාගේ නම |
W.M. පියදාස මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
කුසුමා ගුණවර්ධන මන්ත්‍රිතුමිය |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
02 |
|
පාසලේ නම |
කෑ/පත්බේරිය ජ්‍යෙෂ්ඨ පාසල |
|
පාසල භාරව කටයුතු කිරීම |
W.M. පියදාස මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1959 සැප්තැම්බර් 01 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
මහනුවර, මුල්ගම ගම්මානයේ පැරණි ගම්සභා ගොඩනැගිල්ල |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
ඕ.එල්.විමලපාල |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
ආර්.එම්. විමලාවතී |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1940 දෙසැම්බර් 10 දින |