සිප් කිරි රස පෙව්
අප සුමගට යැව්
නාරද මැදි විදුහල් පර්ෂද මව්
අප හැදු අප වැඩු පෙම්බර මව්
එක්වී රොක්වී ... එක්වී රොක්වී ...
නීති සුරකිව් !
ඔබ අප සෙවනයි
නිති රැකවරණයි
ඔබ ප්‍රිය ඇසුරේ සිලිරාරේ ...//
හද මල පොබයයි බැති පෙම ලියලයි
පුදනෙමු ගුණ ගී උපහාරේ
සිප් කිරි රස පෙව් ...
මතුකර හැකිකම් ඔපකර සුරැකුම්
දස අත පාතුර කිතුරාවේ ...//
සරුකර ගුණදම් නැතිකර ගැතිකම්
මවුනි අපට දෙනු මැන ජීවේ
සිප් කිරි රස පෙව් ...
ඔබ අප ශක්තිය අපේ විමුක්තිය
දිව මතුරකි නාරද නාමේ...//
අගයමු යුක්තිය මානව භක්තිය
සපුරා සමගිය සාමේ
සිප් කිරි රස පෙව් ...