නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
ර/පත්බේරිය නාරද මධ්‍ය මහා විද්‍යාලය

සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට කොට්ඨාසයේ පරකඩුව නම් රමණීය ගම් පියසේ පිහිටි රත්නපුර පත්බේරිය නාරද මධ්‍ය මහා විද්‍යාලය 1 AB පාසලක් වන අතර වර්තමානයේ ජාතික පාසල් දහසේ වැඩසටහනට අයත් වන අතර දිනෙන් දින දියුණුව කරා ගමන් කරන පාසලකි. දරුවන් 1200 ක් හා අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය 90 ක පමණ මානව සම්පතකට හිමිකම් කියයි. දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නගන අප පාසල පළාතේ අනෙක් පාසල් වලට ව්‍යවහාරයක් සපයන පාසලකි. අප පාසලේ සිසු දරු දැරියන් ශිෂ්‍ය සාධනය මෙන්ම විෂය බාහිර කටයුතු වලදී ක්‍රීඩා, නර්තනය, සංගීතය, ශිෂ්‍යබට යන අංශ වලින් කලාප, පළාත් හා ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට වර්තමාන විදුහල්පතිතුමා වන P.M. කරුණාරත්න මහතාගේ මග පෙන්වීම හා අධික්ෂණය යටතේ හිමිකම් ලබා ඇත.අප පාසලේ තොරතුරු තාක්ෂණ අංශයෙහි පසු ගිය වසර කිහිපය තුළ විශාල දියුණුවක් ලබා ඇත. 21 වන සියවසේ කුසලතා වලින් දරුවන්ගේ සාක්ෂර නිපුණතා වැඩි දියුණු කරමින් පාසල සමග විවිධ පාර්ශවයන් ලෙස ප්‍රජාව සුබපතන්නන්, නිළධාරින්, ආදී ශිෂ්‍යයින් අදහස් හුවමාරු කර ගැනීමට මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මම විශ්වාස කරමි. මෙම වෙබ් අඩවිය සමග සම්බන්ධ වි පාසලේ දියුණුවට සහයෝගය දක්වන මෙන් මා ආරාධනා කර සිටිමි.
මෙම කර්තව්‍යය සාර්ථක කර ගැනීම සදහා උර දුන් තොරතුරු තාක්ෂණ අංශ භාර S.R.L.සේනාධීර මහතාටත් තොරතුරු තාක්ෂණ අංශයේ G.ලහිරු කුමාර මහතා, M.M.N.K.මිල්ලවිටිය මිය සහ රුවන්පුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ අභ්‍යාසලාභී ගුරු මෙනෙවියන් වන N.M.I.M.අමරතිලක හා H.M.J.මැණිකේ ටද මාගේ හෘදයාංගම ස්තුතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යන කටයුතු වර්ධනය වේවායි ප්‍රාර්ථනා කරමි.
කේ.ඩි.ඒ.තිලකරත්න
නියෝජ්‍ය විදුහල්පති
ර/පත්බේරිය නාරද මධ්‍ය මහා විද්‍යාලය